දැන් ඔය ජනාධිපති මාධ්‍ය එකකයේ නිවුස් ලියන කට්ටිය එන්න පොලිමට.....

  • 8 years ago
කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තියට පත්වන සිදුවීම් සඳහා ඉඩ තැබීමට තමා කටයුතු නොකළ බවද පැවසූ ජනාධිපතිතුමා පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු උසාවියට ගෙන යාමේ සිදුවීමට ද රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමාට එකඟවිය නොහැකි බව කියා සිටියේය.

රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම මානව අයිතීන් සුරක්ෂිත කර වංචාවෙන් දූෂණයෙන්, අක‍්‍රමිකතාවයෙන් තොර රටක් ගොඩනැගීමට ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා දේශපාලන න්‍යාය පත‍්‍රවලට වැඩ නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

යම් ගැටලුවක් මතුව ඇත්නම් ඒ පිළිබඳව පරික්ෂා කළ යුතු ක‍්‍රමවේදයක් තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා නීතිය සෑම කෙනෙකුටම සාධාරණ විය යුතු බව ද අවධාරණය කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (12) පෙරවරුවේ ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ පැවති “සත්විරු සංහිඳ” නිවාස හා ඉඩම් හිමිකම් ප‍්‍රදානෝත්සවය අමතමිනි.

යුද, ගුවන්, නාවික ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් දේශපාලන අතකොළු බවට පත් කර නොගන්නා ලෙස ද මෙහිදී සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා සැබෑ ලෙසම රටට ආදරය කරන, ජාතික ආරක්ෂාවට ගරු කරන කිසිවෙකුට එසේ කළ නොහැකි බවද කියා සිටියේය.

කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තියට පත්වන සිදුවීම් සඳහා ඉඩ තැබීමට තමා කටයුතු නොකළ බවද පැවසූ ජනාධිපතිතුමා පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු උසාවියට ගෙන යාමේ සිදුවීමට ද රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමාට එකඟවිය නොහැකි බව කියා සිටියේය.

උසාවියට දුරකථන ඇමතුම් ලබාදීම, ස්වාධීන කොමිෂන් සභාවලට ඇඟිලි ගැසීම හෝ විනිශ්චයකාරවරුන්ට බලපෑම් කිරීම, අපරාධ, මංකොල්ල කෑම් සහ ස්තී‍්‍ර දූෂණ වැනි බරපතළ චෝදනා ලැබූ පිරිස් නිදහස් කිරීම තම ප‍්‍රතිපත්තිය නොවන අතරම රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරමින් රටේ සියලු ජනතාව වෙනුවෙන් වූ යුගයේ වගකීම ඉටු කිරීමට තමා ජනාධිපති ධූරයට පත්වූ බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

රජයක් ලෙස මෙන්ම ජනාධිපතිවරයා ලෙස මාතෘ භූමිය වෙනුවෙනුත්, රටේ ජනතාව හා වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් පසුගිය මාස 18 ක කාලය තුළ තමා නොපිරිහෙළා ඉටු කළ බවද පැවසූ ජනාධිපතිතුමා තමන් බලය පිළිබඳ අනවශ්‍ය සිහින මවන පුද්ගලයෙකු නොවන බවත් රට වෙනුවෙන් තමන්ට පැවරුන වගකීම නිසි ලෙස ඉටුකර ඕනෑම අවස්ථාවක බලය අතහැරීමට තමා සූදානම් බවත් ජනාධිපතිතුමා කියා සිටියේය.

සංග‍්‍රාමයේ දී එක්ව සිය සකී‍්‍රය සේවාව ලබාදී දැනට සේවයේ නිරත, ආබාධිත වූ හා විශ‍්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සත්විරුවන්ට නිවාස ඉදිකර දීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ‘‘සත්විරු සංහිඳ” වැඩසටහන කි‍්‍රයාත්මකය.

සත්විරු සංහිඳ නිවාස හා ඉඩම් ප‍්‍රතිලාභීන් 138 දෙනෙකුට මෙහිදී නිවාස හා ඉඩම් හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය කෙරුණු අතර එය සංකේතවත් කරමින් 10 දෙනෙකුට හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍ය දයා ගමගේ මහතා ද ති‍්‍රවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read More- http://www.pmdnews.lk/si/%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD/

Recommended